කලකට ඉහත උතුරේ ඉතා සන්දර ගම්මානයක පවුල් විශාල සංඛයාවක් වාසය කළා. මේ ගමේ ජනතාව සිය නිවෙස් හදල තිබුනෙ ගඩොල් හෝ ගල් වලින් නොවේ. ඒ නිවෙස් ගොඩනැගුනෙ ඒ ගමේ මිනිස්සුන්ගෙ හිත්වල තිබුනු සතුටෙන්. ඉතා කෙටි කාලයක් යද්දී ඒ ගම මිනිස්සු නැති හිස් බිමක් බවට පත් වුණා. ගමේ නිවෙස් වල අහස උසට වල් වැදුණි. ඒ ගමේ වැසියො වෙරළ ආසන්නයේ ජවත් වන බව මට දැනගන්න ලැබුනි . සම්පත් වලින් පිරි ඉතිරි ගිය ගමක ප්‍රීතියෙන් ජීවත් වූ මේ ගම්වැසියන් අවතැන් වෙලා කොතරම් අමාරුවෙන් ඉන්නවද කියල මගේ හිතට දැනුන හැම වෙලාවකම මගේ හිතට විශාල බියක් ගෙන ආවේ නිරායාසයෙනි.
මේ ගමේ හින්දු කෝවිල නිරන්තරයෙන් මගේ මතකයට නැඟේ. මිනිස්සු ඒ කෝවිලට බෝගස් පිල්ලයාර් කෝවිල කියල හඳුන්වන්නට ඇරඹුනි. ගමේ කෝවිලේ වාර්ශික උත්සවය සෑම වසරකම පවත්වපු හැටිත් මිනිස්සු ආහාර බෙදාදාගත් සැටිත් , ගමේ මිනිස්සුන්ගෙ ප්‍රීතිමත් ජීවිතත් නිරන්තරයෙන්ම මගේ මතකයට නැඟග්. මෙයයි අපේ සංස්කෘතිය යැයි මට හැඟුණු අවස්ථා නෙඅනුමානය.
ගමේ තරුණ අය සිර කඳවුරක සිටින බව දැනගන්නට ලැබුනත් ඒ අයගේ ජීවිත ගැන සිතන්නට මට බයයි. ඒ සමගම මට දැනගන්නට ලැබුනා සිරගතවෙලා සිටින තරු ණඅය එකි නෙකා නැවත පැමිණෙන බව. ගම අතහැර අවතැන් වුණ ගම්වැසියන් නැවත ගමට පැමිණ කුඩා කූඩාරම් තුළ ජීවත්වේ. මම දිනක් මගේ සහෝදර සහෝදරියන් සමග මග දිගේ යන විට එකවරම මා තනි වී ඇති බව වටහුණි. මුහුණු ආවරණය කරගත් බොහෝ නුහුරු නුපුරුදු අය මා පසුකර ගිය අතර ඔවුන් වෙනස් භාෂාව භාෂාවක් කතා කළ අතර එය මට වැටහුණේ නැත.
ගමේ කෝවිලේ උත්සවය තවමත් සමරණ අතර ගමට නැවත පැමිණි වැසියන් කෝවිල් යනු මා දුටුවෙමු. ඒත් එදා මෙන් නොව වෙසක් මා දුටිමි. වෙනස් භාෂාවක් කතා කළ මිනිස්සු ද කෝවිලේ උත්සවය තුළ මම දුටිමි. වාහනයක පැමිණි ඔවුන් සුදු රෙදි කඩක පළතුරු මල් තබා වැද පුදනු දුටුවෙමි. ගම් වැසියෝ ඔවුන් දෙස සැකයෙන් බලනවාද මම දුටුවෙමු. නාදුනන මිනිසුන් ගම්වැසියන් සමග සිනාසෙනවා මට දකින්නට ලැබුනේ ගම් වැසියන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක් සේ ඔවුන් සමග සිනාසෙනවාය. ඔවුන් නැවතත් වාහනයට ගොස් ගම් වැසියෝ වැද පුදන අයුරු බලා සිටි අයුරු ද ඔවුන් දෙවියන්ගේ රුව පෙන්වමින් කතා බහ කරමින් සිටි අයුරු ද මගේ සිතට ගෙ ආවේ අපේ ගම ගැන ආඩම්බරයකි.
ඵසු දින උදෑසන ගම් වැසියන් සාමාන්‍ය ලෙස ඔබ මොබ යමින් සිටින අතරේ ඔවුන්ට දැක ගත හැකිවුයේ අපේ ගමේ පිල්ලයාර් දෙවියන් සම්පූර්ණයෙන් සුදුපැහැ ගැන්වී ඒ වටා ඇති නෙළුම් මල්ය.