තහනම් බලාපොරොත්තු සහ තහනම් ඉඩම්

තහනම් බලාපොරොත්තු සහ තහනම් ඉඩම්

Read Time:4 Minute, 27 Second

මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කේපාපලෙයි ග්‍රාමය පිහිටා ඇත. වසර 70 කට අධික කාලයක් මෙකී කේපාපලෙයි වැසියන් නිරවුල් ඔප්පු සහිතව කේපාපලෙයි ජීවත් විය. පාරම්පරිකව කෘෂිකර්මාන්තය සහ ධිවර කර්මාන්තය කේපාපලෙයි වැසියන්ගේ ජීවනෝපායන්ය.

2008 වසරේ නත්තල් දින ශ්‍රී ලංකා හමුදාවන් කේපාපලෙයි ප්‍රදේශය වෙත ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කරන ලදී. එල්ලවන ප්‍රහාරයන් හමුවේ කේපාපලෙයි වැසියන්ට සිය ගම් බිම් හැරදා මැනික් ෆාම් සරණාගත කඳවුර වෙත යාමට සිදුවිය. වසර එකහමාරක පමණ අවතන් ජීවිතයක් ගත කළ කේපාපලෙයි ඡනතාව සිය ගම් බිම් බලා එන විට ඔවුන්ට අයත් අක්කර 475 ප්‍රමාණයක් අල්ලා ගෙන අංක 59 බලසේනාව ස්ථාපිත කොට තිබුණි.

ඉඩම් අහිමි වූ කේපාපලෙයි වැසියන්ට ඉඩම් නැවත කොටස් වශයෙන් ඉඩම් ලබා දෙන පැවසූ හමුදාව ගම්මානය අසල කැලෑව එලිපෙහෙලි කොට එක් පවුලකට පර්චස් 20 බැගින් ලබා දී ඇත. අවතන්ව සිටි ජනතාව තාවකාලික නිවාස වල සිටියදී ඉඩම් නිදහස් කිරිමට කිසිඳු ප්‍රගතියක් නොපෙන්වූ හමුදාව කේපාපලෙයි ගමට යාබදව පිහිටි සූරිපුරම් ගම්මානයද අලලා වුන්ගේ කඳවුරු පුළුල් කරන ලදී. දිගින් දිගටම කඩවූ පොරොන්දු සහ අයහපත් කාලගුණය හේතුවෙන් තාවකාලික නිවාස වල රැඳී සිටි නොහැකි කළ කේපාපලෙයි ජනතාව හමුදාව වෙත තම ඉඩම් නිදහස් කරන මෙන් ඉල්ලා බලපෑම් කිරිම ආරම්භ කෙරින.

අවසානයේ 2014 වසරේ දී හමුදාව විසින් කේපාපලෙයි ජනතාවට ඔවුන්ට ලබා දුන් තාවකාලික ඉඩම් වල පිහිටි තාවකාලික නිවාස වෙනුවට  ස්ථිර නිවාස ලබා ධීමට කටයුතු කරන ලදී. එහෙත් එය කේපාපලෙයි ජනතාවට විසඳුමක් නොවූයේ ඔවුන්ගේ කෘෂිකර්මාන්තය හා ධිවර කර්මාන්තය ප්‍රයෝජනවත් ඉඩම් නිදහස් නොකළ බැවින් ඔවුන්ගේ යැපීම් මාර්ගයන් අවහිර වී ඇති හෙයිනි. පසුගිය වසර 7 ක් පුරාවට තම ඉඩම් පරිහරණය කරන හමුදාවේ ක්‍රියාකාරකම් දුටු ජනතාවට අවබෝධ වූයේ සිය ඉඩම් ජාතික ආරක්‍ෂාවට වඩා ගොවිතැනට සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදාගන්නා බවයි. මෙයට කදිම උදාහරනය වන්නේ  කේපාපලෙයි හි ඉඩම් අහිමි වූ මවක් පැවසුවේ තමන් වවන ලද පොල් ගස් වල පොල් හමුදාව තමන්ටම විකුණන බවය.

කේපාපලෙයි ජනතාව වෙත දේශපාලන පක්‍ෂ සහ සිවිල් සංවිධාන වල අවධානය අඩුවක් නොමැත. මෙකී ජනතාවගේ ගැටළුව සඳහා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ සිය උපරිම ශක්තිය යොදවමින් සිටී. එහෙත් අවාසනාවන්ත ලෙස දැඩි හමුදා මැදිහත්වීම් සහ බුද්ධි අංශ මැදිහත්වීම් සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ වල මැදිහත්වීම අභියෝගයට ලක් කිරිමට තරම් ශක්තිමත්ය. වර්තමානයේද කේපාපලෙයි ජනතාව යම් දෙයකට ඒකරාශී වන්නේද එහිදී හමුදා මැදිහත්වීම් ද නොඅනුමානය.

තවමත් සිදුවෙමින් පවතින්නා වූ මෙවන් ආකාරයේ හමුදා මැදිහත්වීම් තරයේ ප්‍රතිත්‍ක්‍ෂ්ප කරන ජනතාවට කේපාපලෙයි ගම්මානය ආරම්භ වන බ්රිගේඩියර් සමරසිංහ මාවතෙහි දක්වා ඇති නාම පුවරුවක්  එදිනදා දැක ගත හැකිය. එනම් ශ්‍රී ලංකා යුද හමුදාවේ තවත් මානුෂීය ව්‍යාපෘතියක් යන්නයි. ගැටළුව වන්නේ මෙඛී මානුෂීය ව්‍යාපෘතිය ඉඩම් බලහත්කාරයෙන් පවරාගැනීම ද ? යන්නය.

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %

Leave a Reply

Your email address will not be published. Required fields are marked *