කරුනාවතී වව්නියාවේ ජීවත් වන 63 හැවිරිදි මවකි. ඇයට මහලු වයසේ නිස්කලංක සහ සාමකාමීව ජීවිතය ගත කළ යුතු කාලය එළඹ ඇත. එහෙත් කරුණාවතී තවමත් බර වැඩ කරමින් ඇගේ දෛනික ජීවිතය ගත කරයි. ළිං හැරිම ,ගඩොල් කැපීම සහ වගා කටයුතු සඳහා පස සමග පොර බැදීම ඇයට සාමාන්‍ය දෙයකි.
මෙකී සියළු බර වැඩ කටයුතු ඇය අධෛර්‍යමත් කරන්නට සමත්වූයේ නැත. එහෙත් එක් කරුණක් ඇයගේ ධෛර්යමත් හදවත බිඳ දමන්නට සමත් වී ඇත. එනම් රජය ඇයට කළ රැවටීමයි.
කරුණාවතී සහ ඇයගේ සැමියා එක්ව වව්නියාවේ අග්බෝපුර ප්‍රදේශයේ අක්කර 4 භූමියක් වගා කිරිම ඇරඹුවේය. යුදමය ගැටුම් හේතුවෙන් මායිම් ගම්මාන වල වගා කටයුතු වල නියැලෙමින් සිටි මෙම දෙපළට 1980 දී අදාල ඉඩම් හැරදා යන්නට සිදුවන්නේ යුදමය තත්ත්වය හේතුවෙන් හමුදව විසින් දෙන ලද නියෝගයන්ට අනුවය. ඉඩම් අහිමිවීමෙන් පසුව කරුණාවතීට සහ සැමියාට ආර්ථික අපහසුතා වලට හුමුණ දෙන්නට සිදුවන අතර පවුලේ බර කරට ගැනීමට ඉදිරිපත්වන්නේ සිය බෑනාය. පිළිසරණක් නොමැති මෙම දෙපළ අවසානයේ සිය ආර්ථික අගාධයෙන් ගොඩඒම සඳහා සිය එකම පුතුනුවන්ද 1998 දී හමුදා සේවයට යවන්නේය. තවමත් ඇයගේ පුතා හමුදා සේවයේ නිරතව සිටින අතර සිය බෑනා මන්නාරම ප්‍රදේශයක මෙහෙයුමක නිරතව සිටියදී 2007 වසරේ ජීවිතක්‍ෂයට පත් විය.
කරුණාවතී සහ ඇයගේ වැන්දඹු දියනිය ඔවුන් රට වෙනුවෙන් කළා වූ කැප කිරිම් වලට සුදුසු ප්‍රතිලාභයන් නොලබන්නේය. සිය සැමියා අහිමිවීමෙන් පසු කරුණාවතී සිය දියනිය සහ මුණුපුරු මිණිබිරියන් තිදෙනකු සමග තිනි වන්නේය. එහෙත් ඇය සතු කෘෂිකාර්මික හැකියාව සිය පවුලේ පැවැත්ම සඳහා ප්‍රමාණවත් බව ඇය දන්නෙහිය. එහෙත් වගා කරන්නට හැකි බිම්කඩක් ඇයට නොමැත. තමන් වගා කළ ඉඩම නැවත ලබා ගැනීම සඳහා කාරුණාවතී කිහිපවරක් උත්සහ කළද එය හමුදාවේ මැදිහත්වීමෙන් අත්හරින්නට ඇයට සිදු විය. කරුණාවති පිළිසරණක් සොයා ගියේ එකී ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා වෙතය. එහිදී ප්‍රාදේශීය ලේකම්වරයා කරුණාවතීට පොරොන්දුවූයේ ඉඩම වටා වැටක් ගසා එන ලෙසත් ඇයට අයත් ඉඩම ලබා දෙන බවය. දෙවන වර ඇය ප්‍රදේශීය ලේකම්වරයා මුණගැසෙන්නට යන විට නව ප්‍රාදේශීය ලේකම්වරයෙකු එහි වූ අතර ඔහු ඇයට පොරොන්දුවූයේ ඇයගේ ඉඩම පිරිසිදු කොට නැවත ඇයට ලබා දෙන බවය.
අනපේක්‍ෂිත ලෙස කරුණාවතී වසර ගණනක් වගා කළ ඉඩම ප්‍රදේශීය ලේකම් වරයා වෙනත් පිරිසකට ලබා දෙන බවට පොරොන්දු වී ඇති බව කරුණාවතීට සැලවිය. ඉඩම පිරිසිදු කිරිම සඳහා ඩෝසර රැගෙන ආ හමුදාව සහ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත හැඬූ කඳුළින් ගිය කරුනාවතී ඉල්ලා සිටියේ යුද්ධයෙන් සිය බෑනා අහිමි වූ බවත් සිය වැන්දඹු දියනිය සහ පවුල රැකබලාගැනීමට ඉඩම ලබ දෙන ලෙසත්ය.
කරුණාවතිගේ ජීවිතයේ සැම විටම අවසාන බලාපොරෝත්තුව වූ හමුදාව විසින් මෙම ගැටළුවේදී දැක්වූ ප්‍රතිචාරය වූයේ රජයේ නියෝගයක් අපි ඒක ක්‍රියාත්මක කරනවා පමණයි යන්නයි.
වෙහෙසට පත් කරුණාවතී ගමේ කරුණාවන්ත පුද්ගලයකුගෙන් ඉල්ලා ගත් ඉඩමක ධාන්‍ය වගා කරමින් , ගඩොල් කපමින් ජීවත් වන අතර එම ඉඩමෙහි දිරාපත් වූ අතු කැබලි එක් කොට සාදා ගත් පැල්පතක ජීවන් වන්නීය. එහෙත් ඇය මනසෙහි නරන්තරයෙන් ඇති ප්‍රශ්නාර්ථයක් වන්නේ වසර 10කට ආසන්න කාලයක් ඇය වගා කළ ඉඩම තවත් ඉඩම් ඇති 16 දෙනකුට බෙදා දුන්නේ ඇයිද? යන්න සහ තවමත් අදාල ඉඩම වෙනුවට වන්දියක් ලෙස ඇයට වෙනත් ඉඩමක් නෝදෙන්නේ ඇයිද? යන්නයි.
මට ඇයගෙන් අසන්නට පැනයක් ඇතත් එය අසන්නට තරම් ධෛර්යයක් මට නොමැත. එනම් කාලය නැවත 1998 වසරට ගිය හොත් ඇය කරන්නේ කුමක්ද ? කියාය.